සතුන් දඩයමේ ගිය අය අල්ලන්න ගොසින්
වනජීවී නිලධාරියෙකු වෙඩිවැදී මරුට


අද(5) උදෑසන 5.45 ට පමණ හම්බන්තොට ප‍්‍රදේශයේ නීති විරෝධී ලෙස දඩයමේ යන්නට උත්සාහ කළ පිරිසක් වටලන්නට යාමේදී  තැබූ වෙඩි තැබීමක් නිසා වනජීවී නිලධාරියෙකු මරුමුවට පත්ව තිබෙනවා.
හම්බන්තොට පොලිස් වසමේ කටුවැව ප‍්‍රදේශයේදි
හම්බන්තොට අඩවි වන සහකාර

ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් දඩයම්කරුවන් අත්අඩංගුවට ගැනිමේ මෙම මෙහෙයුමක ක‍්‍රියාත්මක කරවූ බව පොලිසිය වාර්තා කරයි.එහිදී වෙඩි තැබිමක් හේතුවෙන් අඩවි වන සහකාරවරයා බරපතල තුවාල ලැබූ අතර පසුව ඔහුව හමිබන්තොට රෝහලට ඇතුළත්
කිරිමට යමින් සිටියදී මිය ගොස් ඇත.
මෙම සිද්ධියෙන් මියගියේ වයස අවුරුදු 43 ක්වු එච්.පී ජගත් සෙනවිරත්න නැමති බූවැල්ලගොඩ, වලස්මුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.