හම්බන්තොට වනජීවී නිලධාරියා මියගියේ
මුවාට වසදී මරා ගෙනයන්න හැදූ අය සමග
පොර බැදූ නිසා
හම්බන්තොට වනජීවී කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරියෙකු අද(5) දින අලූයම රාජකාරී මෙහෙයුමක නිරත වී සිටියදී වෙඩි වැදී මියගොස් තිබුනේ මුවෙකුට වසදී මරා රැගෙන යමින් සිටි දඩයක්කරුවෙකු සමග පොර බැදීමේදී තමන්ගේම ගිනි අවිය පත්තුවීමෙන් බව දැන් අනාවරණයවී තිබේ.
පවතින නියං දේශගුණය තුළ බොහෝ ප‍්‍රදේශවල
ජාවාරම්කාර පුද්ගලයින් කැලෑ ප‍්‍රදේශවල දිය කඩිති ආශ‍්‍රිතව බොරු දිය කඩිති සාදා ඒවාට වස මිශ‍්‍ර කර සතුන් මරා එම සතුන්ගේ මස් කතරගම සංචාරක සමයේ පැමිණෙන සංචාරකයින්ට විකිණීමේ මහා පරිමාණ ජාවාරම් කලත් තිස්සේ කරන බවට තොරතුරු පවතී.
දඩයක්කරු අත්අඩංගුවට ගැනීමට සූදානම වූ අවස්ථාවේදී ඔහු පළායන්නට තැත්දරා තිබෙන අතර සැකකරු හා නිලධාරියා අතර සිදු වූ පොරබැදීමෙදී නිලධාරියාගේ ගිනි අවිය පත්තුවී නිලධාරියාට වෙඩි වැදී තුවාල සිදුවී ඇත .පසුව අනෙකුත් නිලධාරීන් ඔහුව විගස හම්බන්තොට රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කර තිබුනද ඔහු මියගොස් තිබේ.
මියගිය ජගත් සෙනවිරත්න 43 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු පින්නවන්ඩිය, අඟලබඩ, හොරේවෙල, වලස්මුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට අදාල දඩයමේ ගිය සැකකරු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබූ ගිනි අවියත් , මරනලද මුවාගේ සිරුරත් වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට බැරගම ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය නිලධාරියාගේ සිරුර හම්බන්තොට රෝහලේ මරණ පරීක්ෂණ කටයුතු සදහා තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් හම්බන්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර