http://www.gossiplankanews.com/2016/07/Health-Sector-Strike.html#more




ඊයේ රෝහල් වර්ජනය නිසා ලෙඞ්ඩු අමාරුවේ

වර්ජනය අති සාර්ථකයි - වෛද්‍යවරු කියති


රජයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් ඊයේ (4) පුරා පැය 4 ක් තිස්සේ දිවයින පුරා දියත් කළ වැඩ වර්ජනය නිසා රෝහල් කටයුතුවලට බාධා එල්ල වී රෝගීන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණපෑවා.
ප‍්‍රමිතියෙන් තොර සයිටම් උපාධිධාරීන්ට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට විරුද්ධවීම ඇතුළු සේවා ඉල්ලීම් 6 ක් මුල්කර ගෙන මෙම පැය 4 ක සංකේත වැඩ වර්ජනය පැවැත්වූ අතර වර්ජකයින් පවසන්නේ සියලූ රෝහල් අඩපණවූ බවත් ඒ නිසා එය සාර්ථකවූ බවත්ය.
වර්ජනය හේතුවෙන්
රෝහල්වල බාහිර රෝගී අංශ, සායන කටයුතු සියල්ල අඩපණවී දිවයින පුරා රෝහල්වල රෝගීන් අපහසුතාවට ලක්වූ ආකාරය පහත ඡායාරූප වලින් දැක්වේ.