http://www.gossiplankanews.com/2016/07/Mahinda-opens-Massage-Centre.html#more



පසුගියදා මීගමුව වයික්කාල ප‍්‍රදේශයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සම්බාහන මධ්‍යස්ථානයක් විවෘත කළා. ආයුර්වේද, සම්බාහන හා රූපලවන්‍ය කටයුතු සිදු කරන්නට අපේක්ෂිත මෙම මධ්‍යස්ථානයට අපූරු නමක් යොදා ඇති අතර
එහි නම


”කරුණා කරලා” යන්නයි.
ආයුර්වේද ක‍්‍රමයට මෙහි සියලූ සම්බාහන කටයුතු සිදු කරන බව එහිදි හෙළි කර ඇත.
පසුගියදා මහින්ද රාජපක්ෂ ජපානයේ සංචාරය කරද්දී බොහෝ සේ උපකාර කළ විමල් වීරවංශ හිතවතෙකු බව කියන ජපන් සමන් ලෙස හඳුන්වන ව්‍යාපාරික සමන් ප‍්‍රියංකරට මෙම ආයතනය අයත් බව කියැවේ.
ජපනුන් සම්බාහනය කිරීම පිණිස මෙහි මව් ආයතනය ජපානයේ ටෝකියෝ නගරයේ ස්ථාපිත කර ඇති බවද වාර්තාවේ.