අද(15) උදෑසන මොරටුව, කොරලවැල්ල ප‍්‍රදේශය හරහා දැඩි සුළිසුළඟක් හමාගොස් තිබේ. මෙම සුළි සුළඟ නිසා විශාල පිරිසක් කලබලයට පත්ව ඇති අතර නිවෙස් ඇතුළේ රැඳෙමින් සුළඟ පහව යනතුරු තැතිගැන්මෙන් කල්ගෙවන්නට සිදුව ඇත.
දැඩි සුළඟ මිනිත්තු 15 කට ආසන්න වේලාවක්
පැවති බවට වාර්තා තිබේ.

ඒ හේතුවෙන් නිවාස 11කට පමණ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේ දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ නිළධාරින් මේ වන විට එම ප‍්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි.
ඉදිරි දින කිහිපයේදී මෙවැනි සුළි සුළං ඇතිවේදැයි කාලගුණ දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරමින් සිටින අතර ඔවුන් දන්වා සිටින්නේ මධ්‍යම කඳුකරයට සහ නැගෙනහිර පළාතට වැඩි වර්ෂාවක් ඇති විය හැකි බවකි.