ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ රඳවා තිබෙන අතර ඔහුව එහිදී සාදරයෙන් පිළිගන්නට එහි දැනට රඳවා සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ඊයේ
කටයුතු කර තිබෙන බව බන්ධනාගාර ආරංචි හෙළි කරයි.

තවත් රැඳවූවන් 20 දෙනෙකු පමණ මෙම වාට්ටුවේ රඳවා සිටින බවත් වාර්තාවේ. ඊ වාට්ටුවේ සිටින්නේ විශේෂ ආරක්ෂාව ලබාදිය යුතු රැඳවූවන්ය.
නාමල් රාජපක්ෂ ඊයේ (11) රාත‍්‍රී ලබාගෙන ඇත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාර වේල බවද පැවසේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයට පැමිණි අතර මෙය දේශපාලන පලිගැනීමක් බවත් විමර්ශන නිලධාරීන්ට ස්වාධීනව විමර්ශන සිදුකිරීමට අවස්ථාව අහිමි වී ඇති බවත් ඔහු මාධ්‍ය වෙත දන්වා සිටියා.