රාවණා බලය නමින් පසුගිය රජය සමයේ ක්රියාත්මකවූ සංවිධානයේ ක්රියාකාරීත්වයට අනුග්රහය ලබාදීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ හිටපු ඇමති විමල් වීරවංශගේ නම ගෑවෙන බව ජනාධිපති පරීක්ෂණ කොමිසම හෙළි කර තිබෙනවා. හිටපු ඉදිකිරීම් ඇමැති විමල් වීරවංශ
විසින් රාවණා බලය කැඳවුම්කරු
සද්ධාතිස්ස හිමියන් ඉංජිනේරු සංස්ථාවේ කිසිදු සේවාවක් සිදු කර නැති අතර වාහන 7ක් පාවිච්චි කර තිබෙන්නේ විවිධ දේශපාලන පැවරුම් ඉටු කිරීමේ පටු අරමුණකිනි.
මේ විමර්ශනය සඳහා සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ මෙම 13 වැනිදා කොමිසමට කැඳවා ඇත.
රාජ්ය ඉංජිනේරු සංස්ථාව සතු වැඩබිම් සඳහා කුලී පදනම මත මෙම වාහන ලබාගෙන තිබෙන්නේ රාජගිරිය ප්රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන කාන්තාවකගෙන් බවත් වාර්තාවේ. නීති ප්රකාරව කුලී පදනම මත ආයතන සඳහා ලබාගන්නා වාහන පිටස්තර අයට ලබාදීමට හැකියාවක් නොමැති බවද විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.
පසුගිය රජය සමයේ රජයට කිසිම සම්බන්ධයක් නැති ස්වාධීන සංවිධානයක් ලෙස පෙනී සිටි රාවණා බලය බුදු දහම හා සිංහල ජාතිය මුල්කරගෙන ජාතිවාදී මෙන්ම දේශපාලන විරෝධතා සඳහාද ‘බලපෑම් සමාජ කණ්ඩායමක්“ පරිද්දෙන් සහභාගී විය.එය එවක විමල් වීරවංශ අනුග්ර්හයෙන් මෙහෙයවා ඇති බව මේ අනුව හෙළිදරව්වේ.