පසුගිය දා බංගලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය පිරිස අතර තම මිතුරන් වෙනුවෙන් දිවි දුන් විරු මිතුරෙකු පිළිබඳ වාර්තා වෙනවා.

ෆරාස් හුසේන් නම් මෙම විසි හැවිරිදි තරුණයා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ අවන්හලක සිටින අවස්ථාවේ ඒ තුළට කඩා වැදුණු ත‍්‍රස්තවාදීන් ඔවුන් ප‍්‍රාණ ඇපයට ගත් අතර කුරානයේ ඇති පාඨයක් මතකයෙන් කීමට හැකි පුද්ගලයින්ව නිදහස් කිරීමට කටයුතු කර තිබුණි.ඉස්ලාම් ලබ්දිකයෙකු වූ නිසා එසේ නිදහස් වීමේ අවස්ථාව ෆරාස්ට පහසුවෙන් හිමි වී ඇති නමුත් ඔහු සමඟ සිටි අනෙක් මිතුරන් දෙදෙනාට ඒම අවස්ථාව අහිමි වී ඇත. ෆරාස් මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී තමන්ට නිදහස ලැබුණද තම මිතුරන් කුරානයේ පාඨය නොදන්නා බැවින් මරා දමන බව පවසා ඇත.
ඔහු එයට අභීතව මුහුණදී කියා ඇත්තේ ඔවුන් නිදහස් නොකරන්නේ නම් තමාවද මරන ලෙසයි. ඒ කිවූ ලෙසම ත‍්‍රස්තයන් ඔවුන් තිදෙනම මරා ඇත.
ෆරාස් ගැන දැන් ලෝකයම කතා කරයි.
විදෙස් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරමින් සිට නිවාඩුවක් සඳහා බංගලිදේශයට පැමිණී සිටි ෆරාස් අගෝස්තුවේ නැවත ඇමරිකාව බලා යාමට නියමිතව තිබුණ අතර මෙම අනපේක්ෂිත සිද්ධිය නිසා මිය ගියේය.