තරග නැරඹූ දඟකාර කොලූවෙකුගේ හැසිරීමක් නිසා පසුගිය දිනවල ඇමරිකාවේ සමාජ මාධ්‍ය අතර ආන්දෝලනයක් ඇති වුණා. එම කොලූවා තම මව සමග
බේස්බෝල් ලෝක ශූරතා තරගාවලිය

නරඹන්නට ගිය අවස්ථාවේ ඊඑස්පීඑන් කැමරාව ඔහු වෙත යොමුවූ විගස ඇස් නටවමින් රවමින් දඟකාර ලෙස හැසිරී තිබුණා. එම හැසිරීමේ පැවති විශේෂත්වය නිසා කැමරා ශිල්පියා තරගය පුරා විවිධ අවස්ථාවල ඔහුව රූප තිරයට ලබාගෙන තිබුණි. පසුව මෙම හැසිරීම අඩංගු වීඩියෝ ඛණ්ඩය සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය විය. ඔහු ගැන ඒ රටේ කෙතරම් කතාබහක් ඇතිවුනිද යත් කේඑම්ටීවී නැලිකාවේ වැඩසටහනකටද ඔහුව සම්බන්ධ කරගෙන තොරතුරු විමසා තිබුනි.
එම ආන්දෝලනාත්මක වීඩියෝව පහතින්