ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය හෙබවූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය ඉකුත්වීමෙන් පසු නව මහ බැංකු අධිපතිවරයා ලෙස  ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අද ජනපති හමුවී සිය පත්වීමේ ලිපිය ලබාගත්තා.
එම අවස්ථාවට මෙම තනතුර ලැබෙන බවට පසුගිය දිනවල කටකතා පැතිරැණ නියෝජ්‍ය අධිපතිවරුන්ද එක්ව සිටියා.
මෙම පත්කිරීම සම්බන්ධයෙන් හඬක් නැගූ ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගුණවර්ධන මෙම තීරණය ගැන සිය ප‍්‍රසාදය පළකර ඇත.
දිනේෂ් ගණවර්ධන මන්ත‍්‍රීවරයා පවසන්නේ
මෙම තනතුරේ

විශ්වාසනීයත්වය වැඩි කරන්නට ඉන්ද්‍රජිත් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඒ අතර බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පවසන්නේ ඉන්ද්‍රජිත් යනු රට ලෝකය දන්නා ආර්ථික විද්වතෙකු බවත් ඔහුගේ ඉදිරි කටයුතු ගැන අපේක්ෂා තිබෙන බවත්ය. කෙසේ වෙතත් රටට අහිතකර එට්කා ගිවිසුමට උපදේශන සැපයූ නමුත් ඔහු ඉදිරියට මේ තනතුර යටතේ එවැන්නක් නොකරනු ඇතැයි විශ්වාස කරන බව කියන බන්දුල මෙම වෙනස ඇතිවූයේ ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණ නිසා බවද පවසයි.