ස්වාධීන රූපවාහිනියේ නව ප‍්‍රධාන විධායකවරයා ලෙස චන්දන තිලකරත්න සහ අලෙවි හා වැඩසටහන් නව උපදේශක ලෙස පියදාස රත්නසිංහ යන ප‍්‍රවීණ මාධ්‍යවේදීන් දෙදෙනා පත් කර තිබේ.
චන්දන තිලකරත්න මහතා මින් ඉහතත්
ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය

සාමාන්‍යධිකාරි ලෙස කටයුතු කළ අයෙකි. පළමු ශ්‍රේණියේ ගුවන් විදුලි නිවේදකයෙකු වන ඔහු දියුණුවේ රන් දොරටුව ඇතුළු ජනප‍්‍රිය වැඩසටහන් රැසක් රසිකයින්ට ගෙන ආ අයෙකි. ගුවන් විදුලි නාලිකා රැසක ප‍්‍රධාන තනතුරු හෙබවූ ඔහු පසුගිය කාලයේ චීන සිංහල සේවයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේය.
පියදාස රත්නසිංහ මහතාද ස්වාධීන රූපවාහිනියේ ආරම්භක සාමාජිකයෙකු වන අතර පසුව ජාතික රූපවාහිනියේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ධූරයද දැරූ අයෙකි.