ඉදිරියේදී උපරිම මිල පාලනයක් ඇති කරන
අත්‍යවශ්‍ය භාණ්ඩ 15 මෙන්න

පාරිභෝගිකයන්ට එදිනෙදා ජීවිතයට අත්‍යන්තයෙන්ම අවශ්‍ය ආහාර අමුද්‍රව්‍ය මිල වැඩිවීම් නිසා නොගෙන සිටින්නට සිදුවීමේ ඛේදනීය තත්වයෙන් මුදවා
එම ද්‍රව්‍ය 15 ක්
පාලන මිලක් යටතේ පාරිභෝගිකයන්ට ලබා දීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ පැවසුවා. ඒ අනුව පහත සඳහන් ද්‍රව්‍ය වලට රජය උපරිම සිල්ලර මිලක් නියම කෙරේ.
සීනි,
මයිසූර් පරිප්පු,
අර්තාපල්,
බි ලූනු,
වියළි මිරිස්,


ටින් මාළු,
මුං ඇට,
සුදු ලූනු,
කඩල,

කට්ට කරවල,
සාලයා කරවල,
හාල් මැස්සන්,
පාන් පිටි,
කිරිපිටි,
පරිප්පු

මෙම තීරණය ඉදිරි සති දෙක ඇතුළත සියල්ලන් දැනුවත් කර ප‍්‍රකාශයට පත් කරන බවත්
පාලන මිල හඳුන්වාදීමත් සමග අදාළ මිල ගණන් සිල්ලර වෙළෙන්දන්ගේ මිල ප‍්‍රදර්ශනය පිණිස අනිවාර්ය කරන බවත් ඇමතිවරයා දන්වා ඇත.
කොළඹ කොටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ගණන්වලට සාපේක්ෂව සිල්ලර වෙළෙඳසල්වල විවිධ මිල ගණන් පැවතීම නිසා මෙම පියවර ගත් බවද ඔහු කියා ඇත.