පාලිත තෙවරප්පෙරුම දිවි පරදුවට තබා
පාසල් යැවූ දරුවන්ගේ
දෙමව්පියන් පොලිස් අත්අඩංගුවට
නීතියට අනුගත නොවන ලෙස බලහත්කාරයෙන් මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට සිසුන් 09 දෙනෙකු ඇතුළත් කරන්නට උත්සාහ කිරීමේදී අයුතු ජනරාශියක් සිදු කර ඇතිය යන චෝදනාවක් නිසා එම පාසලේ සිසුන් 09 දෙනෙකුගේ මව්වරුන් අත්අඩංගුවට ගෙන ඇත.
නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම සියදිවිනසාගන්නට උත්සාහ දරමින්
රටේ අවධානය යොමුකර බලහත්කාරයෙන් එම
තවම මෙම සිසුන් පාසලට බඳවාගෙන තිබීම අවලංගු කර කර නැත. නමුත් එම දරුවන්ගේ මාපියන් අයුතු ජනරාශියක නිරතවීම හේතු කොට මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් එම විරෝධතාවය අවසාන වූයේ නි.අමාත්‍යවරයා සියදිවි නසාගැනීමට දැරූ උත්සාහයකින් වන අතර එය අවසන්වූයේ නි.ඇමති තෙවරප්පෙරුම මෙන්ම විදුහල්පතිවරයා ද හදිසියේ රෝහල් ගත කිරීමෙනි.
.
මෙම සිදුවීමට අනුබල දුන් සෙසු පිරිස්ද අත්අඩංගුවට ගැනීමට හා ඔවුන්ට එරෙහිව පරීක්ෂණ ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මීගහතැන් පොලීසිය වැඩිදුරටත් කියා සිටියි.
නි. ඇමතිවරයාද මෙම ජනරාශියේ කොටස් කරුවෙකු වන බැවින් අත්අඩංගුවට ගන්නට අවශ්‍ය බවත් ඔහු තවමත් රෝහලේ ප‍්‍රතිකාර ලබන නිසා අත්අඩංගුවට ගෙන නැති බව පොලිසිය දන්වා ඇත
අත්අඩංගුවට ගනු ලැබූ මව්වරුන් නවදෙනා අද සවස අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන්ය.