පසුගිය දිනවල නකල්ස් රක්ෂිතයේදී වන සතුන් දඩයම් කිරීමකට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහට ලක්වූ පසුව එම ක්රියාකාරමෙහි නිරත පුද්ගලයින් සොයා පොලිස් මෙහෙයුම් ආරම්භවී තිබුණා. අද උදෑසන වාර්තාවූයේ එම කණ්ඩායමේ ප්‍රධානියා බව කියන සාද් ශරාෆ් නමැත්තා තවත් දෙදෙනෙකු සමග මහනුවර පන්විල
පොලිසියට භාරවූ බවත් අනතුරුව අනෙක් අය අත්අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කළ බවත්ය. මෙම සිදුවීමට අදාළව අද සවස වනවිට 7 දෙනෙකු පොලිසිය මගින් අල්ලාගෙන ඇත.
වන ජීවී පනත මගින් ආරක්ෂා කරන ලද මුවන්, මීමන්නන්, ඉත්තෑවන් ඇතුලූ දුර්ලභ සතුන් වර්ග කිහිපයක් දඩයම් කර ඒවා අනුභවයට ප්‍රථම ඉතාම ම්ලේච්ඡ සහගත ලෙස
ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගත් සාද් ශරාෆ් නමැත්තා ඉරාජ් වීරරත්නගේ මියුසික් වීඩියෝවකට රංගනයෙන්ද දායකවූ අයෙකි.
දින ගණනාවක් පුරා ඔවුන් දඩයම් කළ සතුන්ගේ ඡායාරූප මෙන්ම, ඒ සදහා භාවිත කළ ගිනි අවි සහ උපකරණ පිළිබදව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තොරතුරු හුවමාරු වූ පසුව පොලිසිය මගින් ඔවුන්ව අල්ලන්නට යන බව ප්‍රචාරයවී තිබුණි. එම පණිවිඩය ලැබීමෙන් පසුව පිරිස බියට පත්ව මේ ආකාරයට පොලිසියට භාරවී තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවූ බලපෑමේ සාර්ථකත්වය නිසා ඔවුන් කොටුවී තිබේ.
සත්ව ඝාතන සිදුකිරීමට ඔවුන් භාවිත කළ පිස්තෝලයක් හා වායුපීඩන තුවක්කුවක් ඇතුළු ගිනි අවි කිහිපයක්ද ඔවුන් භාරවන අවස්ථාවේ පොලිසිය වෙත භාරදී ඇත.
ඔවුන්ගෙන් ලැබුණ තොරතුරු අනුව අන් අය පිළිබදව කළ විමර්ශනයේදී මඩොල්කැලේ සෙන්ජෝන්ස් වත්තේ පදිංචි දෙදෙනෙකු පන්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ තවත් සැකකරුවෙකු පළා ගොස් තිබේ.
අල්ලාගත් සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.