මස් වැදි සාද් ශරාෆ්
මියුසික් වීඩියෝවක රඟපෑ හැටි



සමාජ ජාල ඔස්සේ ප‍්‍රචාරයවූ නකල්ස් රක්ෂිතයේ දුර්ලභ සතුන් මරා දැමූ තරුණ කණ්ඩායම ඊයේ මහනුවර පන්විලදී පොලිස් අත්අඩංගුවට පත්වූ පසුව මේ වන විට රක්ෂත බන්ධනාගාර ගත කර තිබෙනවා.
දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මෙම හිංසාකාරී
ක‍්‍රියාවට අදාළ ඡායාරූප මෙයට වසර 5 කට පමණ පෙර


ලබාගත් ඒවා වන අතර ඔවුන් එම දඩයම සිදුකර විනෝද වූ ආකාරයට ඉන් පසුවත් තවත් අවස්ථා ගණනාවකදී සත්ව ඝාතන සිදුකරඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වුණා.මෙහි ප‍්‍රධාන ‘මස් වැද්දා’ ලෙස හැඳින්වෙන සාද් ශරාෆ් පසුගිය කාලයේ මියුසික් වීඩියෝවලට සම්බන්ධවී රංගනයෙන් දායකවී තිබෙන අයෙකි.
ඔහු ඉරාජ් වීරරත්නගේ ‘සයිකො මන්ත‍්‍ර ඇන්ඞ් බුලට් බෙන්ජමින්’ නමැති මියුසික් වීඩියෝවේ ප‍්‍රවෘත්ති කියවන අංගයකට සම්බන්ධව සිටි ආකාරය පහත වීඩියෝවේ 3.31 වන මිනිත්තුවේදී හඳුනාගත හැකිය.