සුදු වෑන් පරීක්ෂණ ඔෆිස් එකට
මහින්දගේ විරෝධය

පසුගිය රජය සමයේ ‘සුදු වෑන් උවදුර’ යනුවෙන් ඇතැම් මාධ්‍ය නිර්වචනය කරන්නට යෙදුණු දේශපාලන හා පුද්ගලික හේතු නිසා ඇතැම් අය එක්වරම අතුරුදන්වූ දකුණේ භීතිකාව සම්බන්ධ පරීක්ෂණ කරන්නට ළඟදීම කාර්යාලයක් අරඹන්නට
රජය සූදානම් වන බවට ඉව වැටීමෙන් පසු එක්වරම


හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් විරෝධතා ලියුමක් නිකුත්ව තිබේ.
එහි සඳහන් වන්නේ එවැනි කාර්යාලයක් අරඹා උතුරේ හමුදාව පාවා නොදෙන ලෙසයි. එහි විස්තර කර තිබෙන ආකාරයට මෙය බටහිර බලවේගයන්ගේ කීමට ඇරඹූවක් බවත් උතුරේ යුද අපරාධ විමර්ශනය කර ආරක්ෂක හමුදාවන්ට දඩුවම් කිරීමට එහි බලතල ඇති බවත්ය. මෙමගින් විදෙස් බලවේග සතුටු කිරිම සඳහා රජය එය අරඹන්නට යන බවත්ය.
කෙසේ වෙතත් දකුණේ අතුරුදන්වීම් ගැන එයින් විමසන බවට කිසිදු අදහසක් මහින්දගේ ලිපියේ දක්නට නැත.
‘අතුරුදන්වූවන්ගේ පරීක්ෂණ කාර්යාලය’ පිහිටුවීම සම්බන්ධ පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවෙන් අනුමතවීමට නියමිතය.