නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
18 තෙක් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ අද දහවල් කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුගිය රජය සමයේ ඔහු රැපියල් මිලියන 70 ක

අයථා ගනුදෙනුවකට සම්බන්ධවීම හා කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට ඇත.

අත්අඩංගුවට ගත් මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කළ පසුව එළැඹෙන 18 දා තෙක් බන්ධනාගාර ගත කිරීමට  නියෝග කර ඇත.