ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නිශා බිස්වාල් මේ දිනවල ශ‍්‍රී ලංකාවේ සිදු කරන සංචාරය අතරතුර අද උදෑසන ජාතික රූපවාහිනියේ නුගසෙවණ සජීවී පටිගතකිරීමකට එක්ව තිබේ.
ඒ ඉවුම් පිහුම් වැඩසටහනකටයි. ඇය එහිදී සූපවේදී පබිලිස් සිල්වා සමග
එක්වී ලංකාවට

ආවේණික ආහාර පිලියෙල කිරීමේ අවස්ථාවකට දායකවී ඇත්තේ සූපවේදී ඇඳුම් පැළඳුම් වලින්ද සැරසී ගෙනය.
ඉන්දියානු ජාතික නිශා පුරුද්දක් ලෙස මෙවැනි සූපවේදී වැඩසටහන් ප‍්‍රියකරන්නියක බවත් ආහාර පිලියෙළ කිරීම ඇගේ විනෝදාංශයක් බවත් කියැවුණා.
ලංකාවේ සංහිඳියා වැඩපිලිවෙල ගැන ප‍්‍රසාදයෙන් සිටින ඇය මේ වනවිට එය ලබාතිබෙන ප‍්‍රගතිය ගැන වර්ණනා කර ඇමරිකාවට වාර්තාකර තිබෙන අතර ඊයේ තවත් ඇමරිකානු නියෝජිතයෙකුද ලංකාවට පැමිණ ඇගයී්මක් සිදු කර තිබුනි.