ලන්සා ගෙන්නූ ටොයොටා වී-8
තලතා ගෙන්නූ ටොයොටා සහරා
පර්මිට් වලට ගෙන්නුවෙ පුද්ගලිකවලූ
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙන ඇමතිනි තලතා අතුකෝරල හා නි.ඇමති නිමල් ලන්සා ගෙන්වූ අලූත්ම වාහන සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම විශේෂ ප්‍රකාශ නිකුත් තර තිබේ.
අමාත්‍යංශ මට්ටමින් රජයේ වියදමින් සැප වාහන
ගෙන්වන බවට පසුගියදා ආන්දෝලනයක් ඇති කළ ගනුදෙනු වලට
නි.ඇමති ලන්සා සිය ටොයොටා වී 8 වාහනය ගෙන්වා ඇත්තේ ලක්ෂ 85 කට බව කියන අතර ‘මේවා ගෙන්නුවෙ මගේ ඇමති ඩියුටිෆ්‍රී පර්මිට් එකට පුද්ගලික ඞීලර් කෙනෙක්ට කියලා. ඒ විදිහට වාහන තව 8 දෙනෙක් මාත් එක්ක ඇනවුම් කරා. ඉදිරි දවස්වලදි තව වාහන 16ක් ලංකාවට එවන බව ආරංචියි. මේවා අපේ පුද්ගලික වියදම්’ යයි ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඇමතිනි තලතා අතුකෝරල අලූතින්ම ගෙන්වූ ටොයොටා සහරා වාහනය ගැන මෙසේ කියා ඇත.
‘සමහර ඇමතිවරු පර්මිට් විකුණනවා.සමහරු වාහන මිල වෙනස් වෙනකං පර්මිට් එක තියාන බලා ඉන්නවා.මේ අමාත්‍යංශ වියදමින් ගෙන්නපුව නෙමෙයි. අපට වරප්‍රසාදයක් විදිහට ලැබුණ පර්මිට් එකින් ගෙන්නපු වාහනයක්. මගේ පුද්ගලික ධනයෙන් ගෙන්නුවෙ. 2004දි 2010 වත් මං පර්මිට් විකුණුවෙ නෑ.’