තෙවරප්පෙරුම බලෙන් දැමුවැයි කියා
මීගහතැන්න නවක සිසු දරුවන්
පාසලෙන් නෙරපලා



මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ ගැටලූව පසුගිය සතියේ වැඩි දෙනෙකුගේ කථාබහට ලක්වූ සිදුවීමක් බවට පත් විය. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම දිවි හිමියෙන් සටන් කර එම පාසලට ඇතුළත් කළ සිසුන් 9 දෙනාගේ දෙමව්පියන් මෙන්ම නි.ඇමතිවරයාද පොලිස් අත්අඩංගුවට පත්ව මේ වනවිට රිමාන්ඞ් භාරයේ පසුවේ.මෙම සිදුවීම නීතිය පැත්තෙන් සාධාරණ වියහැකි වුවත් එයින් පසු ඇතිවූ තත්වය මානුෂික වශයෙන්
බොහෝ දෙනෙකුට කම්පිත සිතිවිලි ඇති කළා.

එම දරුවන් කිහිපදෙනෙකුම මව්වරුන් නැතිව නිවසේ සිටින්නට අපහසුතා ඇති අය වූ අතර ඇතැම් අයෙකුට භාරකරුවෙකුද නොමැති විය.
දැන් වාර්තා වන්නේ මෙම දරුවන් කබලෙන් ලිපට වැටී ඇති බවට ආරංචියකි.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ පවසා ඇත්තේ මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කළ දරුවන් නීත්‍යානුකූල ලෙස පාසලට ඇතුළත් කළ සිසුන් නොවන නිසා ඔවුන් එම පාසලෙන් නෙරපන බවයි.
එම දරුවන්ගෙන් 05දෙනෙක් තල්පැදිවල ප‍්‍රාථමික විද්‍යාලයටත් අනෙක් දරුවන් 04දෙනා බෝතලාව විද්‍යාලයටත් ඇතුළත් කරන්නට යොමු කරන බව ඔහු දන්වා ඇත.
මෙම සිදුවීම නිසා ශ‍්‍රී ලාංකීය අධ්‍යාපන කේෂේත‍්‍රයට කළු පැල්ලමක් එක්වූ බවත් දරුවන්ට වැරදි පූර්වාදර්ශයක් ලබාදුන් බවත් ඔහු ප‍්‍රකාශ කර ඇත.