අම්මලා බේරගන්න රෝහලෙන් පැනගිය
පාලිත තෙවරප්පෙරුමත් පොලිසියේදී අත්අඩංගුවට


මතුගම මීගහතැන්න විද්‍යාලයට සිසුන් 9 දෙනෙකු බලෙන් ඇතුළු කිරීම වෙනුවෙන් පැවති අයුතු ජනරාශියට සම්බන්ධිත එම දරුවන්ගේ මව්වරුන් අද පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ලබන 8 දක්වා රිමාන්ඞ් කරන්නට අධිකරණය නියම කළා.
මේ අතර සිද්ධියට මුල සිට සම්බන්ධවී උපවාස කර සන්දර්ශනාත්මක දිවිනසාගැනීමකටද යොමුව සිටි නි.ඇමති පාලිත තෙවරප්පෙරුම
මෙම අත්අඩංගුවට ගැනීම

සිදුවන අවස්ථාවේ කොළඹ නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අතර ඔහුට මේ ගැන සැලවූ වහාම රෝහල් බලධාරීන්ට නොදන්වා රෝහලෙන් පැන පොලිසියට ගොස් තිබුනේ තම සහායකයින්ට වූ විපත බලන්නටය.
මේ අතර සිද්ධියට සම්බන්ධ අනෙක් අයද සොයමින් සිටි පොලිසියට තෙවරප්පෙරුම නි.ඇමතිවරයා පොලිසියේදීම මුණගැසීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහුව අත්අඩංගුවට ගන්නට පොලිස් නිලධාරීන් ක‍්‍රියාකර තිබේ. මෙම ගැටළුවට අදාළ තවත් දෙදෙනෙකුද තෙවරප්පෙරුම නි.ඇමතිවරයා සමග පොලිසියේදී අත්අඩංගුවට පත්ව ඇත.
අධිකරණයට යොමු කිරීමෙන් පසු ඇමතිවරයා ඇතුළු තිදෙනා ලබන 7 වනදා දක්වා රිමාන්ඩ් කර ඇත.