බයිපාස් සැත්කමින් පසු
නි.ඇමති තෙවරප්පෙරුම සුව අතට
පසුගියදා මීගහතැන්න ප්‍රාථමික විදුහලට සිසුන් ඇතුළත් කර නොගැනීමට විරෝධය දක්වමින් ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ
නි.ඇමති පාලිත තෙවරප්පෙරුම එම උත්සාහය අවසානයේ සටන ජයගෙන දරුවන් ඔසවා සිටි අවස්ථාවක එක්වරම බිම ඇද වැටුණා. ඔහු රෝහලට ගෙන ගියේ උපවාස කාලයේ නිරාහාරව සිට ඇතිවූ
එම අවස්ථාවේ ඔහුව නවලෝක රෝහල වෙත මාරු කර වෛද්‍යවරුන් දන්වා තිබුනේ බයිපාස් සැත්කමක් හැකි ඉක්මණින් කරන ලෙසයි.
නමුත් මේ අතරවාරයේ තමන්ගේ පාක්ෂික මව්වරුන් හදිසියේ අත්අඩංගුවට ගැනීම සැලවී නවලෝක රෝහලෙන් පැන ඔවුන් බේරාගන්නට පොලිසිය වෙත නි.ඇමතිවරයා ගොස් තිබුනේ වෛද්‍ය නිර්දේශ තුට්ටුවකට ගණන් නොගෙනය.
එම ගමන කෙළවර වූයේ ඔහුවද අත්අඩංගුවට පත්වීමෙනි. බයිපාස් රෝගියෙකුව සිටි තෙවරප්පෙරුම අනතුරුව රිමාන්ඞ්භාරයටද පත්විය.
මේ වනවිට ඇප මත නිදහස ලැබී සිටින ඔහු සිය රෝග තත්වයට ප්‍රතිකාර පිණිස නැවත රෝහල් ගතවිය.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතාගේ බයිපාස් සැත්කම ඊයේ (08දා) කොළඹ නවලෝක රෝහලේදී සිදුකරනු ලැබුවා. එය සාර්ථකව සිදුකර තිබෙන බවත් ඔහු සුවය ලබමින් සිටින බවත් වාර්තාවෙනවා.
පසුගියදා අකිල විරාජ් ඇමතිවරයා දන්වා තිබුනේ පාලිත තෙවරප්පෙරුම නි.ඇමතිවරයාට එජාපයේ අනුග්‍රහයෙන් මානසික ප්‍රතිකාර ලබාදෙන්නට තීරණය කර ඇති බවකි.