ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ අධිවිස්තෘත (Full HD ) රූපවාහිනී මැදිරිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ උදෑසන ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී විවෘත වුණා.
රුපියල් මිලියන 600ක මුදලක් වැය කර තනා ඇති මෙම මැදිරි සංකීර්ණය මගින් තාක්ෂණිකව ඉතා ඉහළ ගුණාත්මක
රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කිරීමේ තාක්ෂණික හැකියාව පවතී.
ප්රවිණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහතා සමග අගමැති රනිල් පැවැත්වූ සාකච්ඡාවකින් මෙම මැදිරියේ පළමු වැඩසටහන පටිගත විය.
ලංකාවේ තවමත් කිසිදු රූපවාහිනී නාලිකාවක් ඩිජිටල් ක්‍රමයට ෆුල් එච්ඞී විකාශනය අරඹා නැති අතර ඉදිරියේදී ඩිජිටල් ක්‍රමයට වෙනස්වීමේදී මෙම මැදිරි තාක්ෂණය අත්‍යවශ්‍ය වනු ඇත.