සමන්මලීගේ වෙඩින් එකේදී
රනිල් මහින්ද බැසිල් එක මේසේ

පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වන්නට යෙදුණ පළාත් සභා මන්ත‍්‍රීනී සමන්මලී සකලසූරිය හා දිනේෂ් ගූණවර්ධන පුත් යදාමිණීගේ විවාහ මංගල උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක්ම එක්ව සිටියා.
දිනේෂ් ඒකාබද්ධ විපක්ෂයේ නිසා
විවාහයේ අත්සන තැබීමේ වැදගත් කාර්යයට

හිටපු ජනපති මහින්ද කැඳවුවත් විවාහ මංගල උත්සවයට රනිල්,මලික් ඇතුළු එජාප සාමාජිකයින්ද පැමිණ තිබුණා.
රනිල් උත්සවයට එනවිට මහින්ද පැමිණ අවසන්ව තිබුණ අතර රනිල් ඉන්දවූයේ මහින්ද අසළයි. එම මේසයේම බැසිල් රාජපක්ෂද අසුන්ගෙන සිටියා. සමන්මලී යදාමිණි යුවළත් එම මේසයට පැමිණ රනිල් හා මහින්ද සමග සාමීචියේ යෙදුණා.
දේශපාලන වශයෙන් පවතින භේද කිසිවක් මෙම සතුටු අවස්ථාවේ අදාළවී නොතිබිණි.
කෙසේ වෙතත් උත්සවයේ බහුතර නියෝජනය වූයේ ඒකාබද්ධ විපක්ෂයයි.












http://www.gallery.gossiplankanews.com/wedding/samanmali-sakalasuriya-yadamini-gunawardane-wedding.html