රොකට් යැව්වාටයි
සින්දුවෙ තනු වැරැද්දුවාටයි

මාවත් ළඟදිම ඇතුලට දාවි - රෝහිත

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරය වෙත යමින් සිටි ඔහුගේ බාල සොයුරු රෝහිත රාජපක්ෂ මාධ්‍ය අමතා දන්වා ඇත්තේ පොලිසිය ඊළඟට තමාව අල්ලන්නට උත්සාහයක් පවතින බවයි.
සිය පියා සහ සොහොයුරන් මෙන් ඉදිරියේදී
තමන්ට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පවරා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉඩ ඇතැයි
රෝහිත රාජපක්ෂ කියා ඇත.
‘අපිට ඉතින් නිතරම මෙහෙට ඇවිල්ලා යන්න වෙනවා. අයියලා දෙන්නයි තාත්තයිත් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. අපේ පවුලේ ගොඩක් දෙනෙක් නිතරම ඇවිල්ලා යනවා.
ගෝඨා මාමිටත් ළඟදි එන්න තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. බැසිල් මාමිත් ආවා. ඉතින් අපේ සියලූදෙනාම ඇවිත් යන හින්ද මෙහෙ අපේ ගෙදර වගේ තමා.
ඉදිරියට රොකට් එක සම්බන්ධව මටත් නඩු දාන්න ඉඩ තියෙනවා. රොකට් එකට විතරක් නෙවෙයි සින්දු කිව්වා කියලා සින්දුවේ තනුව වැරැදියට කිව්වා කියලත් නඩු දාන්න ඉඩ තියෙනවා’ඔහු කියා සිටියේය