මහින්ද අගමැතිකමින් ඉල්ලා අස්වේ
ඊයේ ඒකාබද්ධ විපක්ෂය මගින් ජනමාධ්‍ය වෙත ප‍්‍රසිද්ධ කළ මනඃකල්පිත ඡායා ඇමති මණ්ඩලයේ ප‍්‍රධානී අගමැති මහින්ද රාජපක්ෂ සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු අනුගමනය කරමින් නගර නිර්මාණ හා ජල සම්පාදන ඇමති ලොහාන් රත්වත්තේද සිය ඉල්ලා අස්වීම
දැනුම්දී ඇත.
මෙම ඡායා කැබිනට් මණ්ඩලයේ අදහස වැරදි තේරුම් ගැනීමක් නිසා
තමා උපදෙස් දුන්නේ ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවා ගන්නට නොව, අමාත්‍යංශ අධීක්ෂණය සඳහා මන්ත‍්‍රීවරුන් නම් කිරීමට පමණක් බවත් එයට වෙනස් අර්ථකථනයක් ලබාදී ඇති බවත් ඡායා අගමැති මහින්ද හෙළිදරව් කර තිබේ.
ඒ නිසා අදාල ඡායා කැබිනෙට්ටුවේ අග‍්‍රාමාත්‍ය සහ පත්කොට ඇති අනෙකුත් ඇමති තනතුරු වලින් තමා ඉවත් කරන ලෙසද මහින්ද රාජපක්ෂ දැනුම් දී ඇත.
මේ අතර ඡායා කැබිනෙට්ටුවේ නගර නිර්මාණ හා ජලසම්පාදන ඇමති ලොහාන් රත්වත්තේද තමා නම්කර ඇති ඇමති තනතුරෙන් ඉවත් කරන ලෙසට දැනුම් දී ඇත.
ගොසිප් ලංකා පෙර ලිපිය
මහින්ද අගමැති කරපු ඡායා කැබිනට්ටුව ප‍්‍රගතිශීලී වැඩක්ද? මුග්ධ වැඩක්ද?