සංස්කෘතික ජීවිතය විමසන්න
ජනපති නාට්‍ය ශිල්පීන්ට කළ කැඳවීමට

බෑ කියලා

පසුගියදා පැවති රාජ්‍ය නාට්‍ය උළෙල නාට්‍ය කලාකරුවන්ට නිගරු වන ආකාරයට පැවැත්වීම සම්බන්ධයෙන් එම නාට්‍ය ශිල්පීන් සම්මාන ප‍්‍රදානය අතරතුර විරෝධතා පුවරු වේදිකාවට ගෙන එමින් අමුතු විරෝධයක් දැක්වුවා.
මෙම විරෝධතා පුවරු අතර
‘ජනපතිතුමනි සංස්කෘතික ජීවිතය කියල එකකුත්
තියනවා දන්නවාද’ වැනි සටන් පාඨද තිබුණි.

අදාළ සිදුවීම ගැන ජනපති අවධානය යොමුව ඇති අතර රාජ්‍ය නාට්‍ය උළලේදී මතු වූ විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තරුණ නාට්‍යකරුවන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පවත්වන්නට කටයුතු යොදා ඇත.
අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් එයට
කේ. බී. හේරත්, සෞම්‍ය ලියනගේ, ජගත් මනුවරණ, නාමල් ජයසිංහ සහ චාමර ගුරුගේ යන කලාකරුවන් සහභාගිවීමට නියමිත බවත් මුලින් වාර්තා වුණි.
කෙසේ වෙතත් නාට්‍ය උළෙලට කුඩම්මාගේ සැළකිලි දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කළ ආරාධනයක් ප‍්‍රතික්ෂේප කරන බව නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති කේ.බී.හේරත් දන්වා ඇත.
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් කළත් නිලධාරින් හා දේශපාලකයන් විසඳා ගත යුතු ප‍්‍රශ්නයකට නාට්‍යකරුවන් පටලවාගැනීමෙන් විසඳුමක් නොලැබෙන බැවින් එවැනි සාකච්ඡාවකට සහභාගීවීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බවද දන්වා ඇත.
 ------------------
රාජ්‍ය නාට්‍ය උළෙලේදී ශීල්පීන් දැක්වූ අමුතු විරෝධය ගැන පෙර ලිපිය මෙතැනින්