ප‍්‍රංශ ජාතික දින සැමරුම් උත්සවය(බැස්ටීල් දිනය) ඉලක්ක කර ඊයේ ප‍්‍රංශයේ නයිස් නුවර සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අසූවකට ආසන්න පිරිසක් මරුදුටුවා.
සියයකට වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇත.
දකුණුදිග ප‍්‍රංශයේ නයිස් නගරයේ පැවති නිදහස් දින සමරු උත්සවය අතරවාරයේ උත්සවයේ මල්වෙඩි සන්දර්ශනය ආරම්භ වූ අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය පැට වූ ට‍්‍රක් රථයක් අධික වේගයෙන් උත්සව භූමියට කඩා වැදී එහි සිටි පිරිස තල්ලූ කරමින් කැරකෙමින් යට කරමින් කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන්කර මෙම සමූල ඝාතනය සිදු කර ඇත. එම අවස්ථාවේදී වහා කි‍්‍රයාත්මක වූ ප‍්‍රංශ ආරක්ෂක අංශ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ලොරි රථයේ රියැදුරා ඝාතනය කර ඇත.ඝාතනය වන්නට පෙර ඔහු ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුවක්ද සිදු කර ඇත.
ලොරි රථයේ තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුනා. ඒ අතර අධිබලැති බෝම්බ සහ ගිනි අවිද තිබී ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය එම ස්ථානයේ පිපිරුනේ නම් සිදුවිය හැකි හානිය මීට වඩා විශාල එකක් බවද කියැවුණා.
130 ක් මරුදුටු ප‍්‍රංශ පැරිස් අයි එස් ප‍්‍රහාරය සිදුවී හරියටම මාස 8 ක් ගතවූ තැන ඊයේ මෙම විනාශය සිදුවිය.