වෙනත් ලෙඩකට බෙහෙත් ගන්න නැවතුණ තරුණයා
කරාපිටිය රෝහලේදී ඩෙංගු වැළඳී මරුට

ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ 19 හැවිරිදි තරුණයෙකු රෝහල තුළදී ඩෙංගු රෝගය වැළඳී අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් පසුගිය 13 වනදා වාර්තාවී තිබේ.
ඔහු වෙනත් සමේ රෝගයක් නිසා
රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි අතර රෝහල අවට


තිබෙන අපවිත‍්‍රතාව හා ඩෙංගු වාහක මදුරුවන් වෙනත් රෝගීන්ගෙන් රුධිරය උරාබී ඩෙංගු පැතිරවීම යන කාරණා මුල් කර මෙම රෝගය ඔහුට වැළඳෙන්නට ඇතැයි සැකකෙරේ.

ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී පැවැති සාක්ෂි විභාගයකදී අනාවරණය වූයේ මිය ගිය තැනැත්තා ධීවර කාර්මිකයකු ලෙස රැකියාව කළ අවිවාහක අයෙකු වන බවයි.

මෙම තරුණයාට ඇෙඟ් වතුර බිබිලි රෝග ලක්ෂණ ඇති සමේ රෝගයක් වැළඳීම නිසා ජුනි 11 වැනිදා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත්තේ වෛද්‍ය්‍ය උපදෙස් අනුවය. රෝහලේ 27 වාට්ටුවේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහුට මීට දින හතරකට පමණ පෙර උණ වැලඳී තිබේ. පසුව මෙම තරුණයාගේ ලේ සාම්පයක් පරීක්ෂා කිරීමේදී ඩෙංගු වැලඳී ඇති බව තහවුරු වී ඇත.

ඔහුගේ තත්වය ඉක්මණීන් දරුණු අතට හැරී පසුව ඔහු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ නාකුළුගමුව, මෝදරවත්ත, කුඩාබටහිර, කුඩාවැල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි ලොකුයද්දෙහිගේ කෞෂාන් (19) නමැති තරුණයෙකි.