රැකියා විරහිත උපාධිධාරීන් යොදවා
සම්බාහන සේවය විධිමත් කිරීමට
සෞඛ්‍ය ඇමතිගෙන් යෝජනාවක්


ලංකාවේ පවතින ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වර්තමානයේ විධිමත් ලෙස සේවා සපයනු ලබන්නේ නැති බව පෙන්වා දෙන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ඒවා විධිමත් කිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වාදීමට පියවර ගනිමින් සිටින බව
පසුගියදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු ඒ ගැන කතා කළේය.
ආයුර්වේද පහසුකම් ඇති සියලූ සංචාරක හෝටල්වලට  සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරයෙක් සිටිය යුතු බවට නීතියක් ගෙන එන බවත් ඒ හෝටල්වල තිබෙන ඇඳන් ප‍්‍රමාණය අනුව, වෛද්‍යවරු වැඩි කරන බවත් කියා සිටින ඇමතිවරයා සියලූ සංචාරක හෝටල්වලට මෙම නීතිය ඇති කරවීම මගින් අලූතින් රැකියා අවස්ථා ලැබිය හැකි බවත් පෙන්වා දෙයි.
ආයුර්වේද උපාධිය සම්පූර්ණ කළ දහසකට අධික පිරිසක් රැකියා විරහිතව සිටින බැවින් හා 2016 ජූනි 30 වනවිට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි පත්වීම් ලබා නොමැති සංඛ්‍යාව 649ක් බවට කරුණු හෙළිවීමෙන් මේ ආකාර යෙදවුමකට ඔවුන් යොමු කිරීම වැදගත් විය හැකි බවද කියා සිටියේය.