දිවයින පුරා ඇති පදික මාරු
හෙවත් කහ ඉරි දහස් ගණනක් ඉතා අන්තරායකාරී ලෙස

ප‍්‍රමිතියකින් තොර වීම හේතු කොට පසුගිය වසරේ සිට මේ දක්වා කහ ඉරි මතින් ගමන් කිරීමේදී පදිකයන් 120 දෙනකු මිය ගොස් ඇති බව පොලිස් රථවාහන අංශය සඳහන් කරයි. 2015 වසර තුළදී 78ක් සහ මේ වසරේ මේ දක්වා මරණ 42ක් වාර්තා වී ඇත.
සෑම පදික මාරුවකට මීටර් 75කට පෙර කහ පැහැති සංඥා පුවරුවක් මඟින් ඉදිරියෙන් පදික මාරුවක් තිබෙන බව දැක්විය යුතු අතර පදික මාරුවට පෙර මාර්ගයේ මැද ‘සිග්සැග් ආකාරයට‘ කහ ඉරි ඇඳ තිබිය යුතුය.
මේ පුවරු මනාව පෙනෙන පරිදි සවි කර ඇති තැන් විරලය.
ලංකාවේ ඇතැම් පදික මාරු දිවා කල පවා රියැදුරුන්ට දර්ශනය නොවන ලෙස මාර්ගයේ පමණක් ඇඳ තිබීමද අනතුරු වැඩි වීමට හේතු වී ඇත.

තොරතුරු - තාරක වික‍්‍රමසේකර