ඇමරිකානු ජනපතිවරණයේ අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ විවාහක බිරිය පිළිබඳව මේ වනවිට එරට සමාජ ජාලා ඔස්සේ විවිධ කටකතා පැතිර තිබෙනවා.
70 හැවිරිදි ඩොනල්ඞ් ට‍්‍රම්ප් දැන් විවාහ වී සිටින ඔහුගේ තෙවන බිරිය වන 46 හැවිරිදි මෙලනි ට‍්‍රම්ප් සමගය. ඇය පැරණි නිරූපිකාවක වන අතර කාලයක් තිස්සේ විලාසිතා කර්මාන්ත අවශ්‍යතාවයන් සඳහා අඩ නිරුවත් ඡායාරූප වලටද පෙනී සිටි තැනැත්තියකි. ඇගේ සරාගී ඡායාරූප පතුරමින් එවැනි කෙනෙකු අනාගත පළමු කාන්තාව කරගැනීම කෙතරම් උචිතද යන්න ඇයට එරෙහිව සමාජ මාධ්‍ය ප‍්‍රශ්න කර ඇත.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙම චෝදනාවන්ට සැහැල්ලූවෙන් පිළිතුරු සපයමින් පවසන්නේ මෙවැනි සෙක්සි කාන්තාවක විවාහ කරගැනීමට තමා වැනි කෙනෙකු සමත්වීම ගැන අන් අය ඊරිසියා කළාට තමා පුදුම නොවන බවත් තමා ආඩම්බර වන බවත්ය.
යුගොස්ලාවියානු ජාතික කාන්තාවක වන මෙලනි සමග ඩොනල්ඞ් විවාහවූයේ 2005දීය. ඇය වයස 16 සිට නිරූපණ ක්ෂේත‍්‍රයේ සිට ඇති අතර ඩොනල්ඞ්ව මුණගැසී ඇත්තේ ඔහුට අයත් විලාසිතා කළමනාකරණ ආයතනයේ සාදයකට පැමිණි සිටි අවස්ථාවකය.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් යනු බිලියන හතරහමාරක වත්කම ඇති මහා ධානපතියෙකු වන අතර ඔහු ඉඩකඩම් වෙළඳාම ප‍්‍රමුඛ කරගත් ව්‍යාපාර ජාලයක සභාපතිවරයාය. ඔහුගේ පළමු බිරියන් දෙදෙනාට දාව දරුවන් 5 දෙනෙකු සිටින අතර ඔහුගේම නම ඇති ඩොනල්ඞ් පුතු සහ ඉවන්කා දියණියත් එරික් පුතුත් ඔහුගේ ව්‍යාපාර වලට සම්බන්ධව සිටී. ඔවුන් යටතේ විසිදෙදහසක් සේවකයෝ රැකියාව කරති.
කෙසේ වෙතත් ඩොනල්ඞ්ගේ වත්මන් බිරිය සමග වසර 11 ක විවාහ ජීවිතය තුළ ඔවුන් දරුවන් සාදා නැත. මෙලනි ට‍්‍රම්ප් ඩොනල්ඞ්ගේ ජනපතිවරණ ප‍්‍රචාරයන්ටද සම්බන්ධය. පසුගිය දිනෙක ඇය වත්මන් ඇමරිකානු ජනපති ඔබාමාගේ බිරිය වන මිෂෙල්ගේ පරණ කතාවක් කොපි කර කතාවක් පැවැත්වීම නිසාද හාස්‍යයට ලක්ව සිටියාය.