ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව
රංගන හේරත්ගෙන් හැටි‍්‍රක් එකක් (video)

ගාලූ ක‍්‍රීඩා පිටියේ පවත්වන ශ‍්‍රී ලංකා  ඕස්ටේ‍්‍රලියානු දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව කඩුළු ත‍්‍රිත්වයක් ලබාගන්නට ශ‍්‍රී ලංකවේ පන්දු යවන රංගන හේරත් සමත්වුණා.
ලංකාව ටෙස්ට් තරගයක වාර්තා කළ දෙවන කඩුළු ත‍්‍රිත්වය මෙය වන අතර මෙම කඩුළු ලබාගැනීම් වලින් අඩපණවූ  ඕස්ටේ‍්‍රලියානු පිලේ සියල්ලන් ලකුණු 106 කට දැවී ගියේ ඔවුන් ලංකාව හමුවේ වාර්තා කළ අඩුම ටෙස්ට් ලකුණු ගණනේ
වාර්තාවද තබමිනි.

රංගන හේරත් ඔස්ටෙ‍්‍රලියානු ඉනිමේ 25 වැනි පන්දුවාරය යවමින් සිටියදී ඇඩම් වෝගස්, පිටර් නෙවිල් හා මිචෙල් ස්ටාක්ගේ කඩුළු පන්දු ත‍්‍රිත්වයකින් දවා ගත්තේය.
එහිදී තෙවැනි කඩුල්ල වූ මිචෙල් ස්ටාක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බවට ඉල්ලීමක් කළත් විනිසුරු එය ප‍්‍රතික්ෂේප කර තිබුණ අතර එම අවස්ථාවේදී නායක ඇන්ජලෝ මැතිව්ස් එය තෙවන විනිසුරු ලවා පරික්ෂා කරවීමෙන් පසු ඔහු දැවී ගිය පිතිකරුවෙකු බවට නම් කෙරුණ අතර හේරත්ට හැටි‍්‍රක් වාර්තාව තබන්නට හැකි විය.
එම පන්දු යැවීමේ වීඩියෝව පහතින්