රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඊයේ
පැවති මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ලොව වේගවත්ම මිනිසා ලෙස ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් නැවතත් සමත් වුණා. ඔහු ඊට වැය කළ කාලය තත්පර 09.81කි.

බෝල්ට්ට අභියෝග කරමින් කරළියට පැමිණ සිටි අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් තත්පර 09.89 කින් දෙවැනියා වූ අතර අවසන් තරගයේදී හිමිවූයේ රිදී පදක්කමයි.
ලෝකඩ පදක්කම කැනඩාවේ අන්ද්‍රෙ විසින් දිනා ගනු ලැබුවේය.
පහත පළවන්නේ අවසන් වටයේ වීඩියෝවකි.