බැඳලා මාස 4 යි
සැමියා බිරියව ගිනි තබා මරලා


පවුලේ ඇතිවුණ ආරවුලකින් අනතුරුව අලූත බැඳපු බිරියව ගිනි තබා මරාදමන්නට පියවරගත් සැමියෙකු ගැන අද අම්පාරෙන් වාර්තා වුණා.
අම්පාර සමන්තුරේ කාරතිව් ප‍්‍රදේශයේදී 30 හැවිරිදි මොරිස් මරීනා නමැති කාන්තාවක මේ ආකාරයට පුළුස්සා මරා දමා තිබුනේ
ඇගේ සැමියා බව කියන 31 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ (04) රාත‍්‍රියේදී ඇයට පහරදී සිහිසුන්වූ පසුව නිවස ආසන්නයේ ගිනි ගොඩක් ගසා ඇයව පිළිස්සීමට සැමියා කටයුතු කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණයවී තිබේ.
මොවුන් දෙදෙනා විවාහවී තවමත් මාස 4 ක් පමණක් වන අතර පසුගිය කාලයේ වරින්වර දෙදෙනා අතර අඬදබර ඇතිව තිබුණ බව එම නිවසේම කොටසක පදිංචිව සිටින මියගිය කාන්තාවගේ දෙමාපියන් පවසා තිබේ.
මේ හේතුවෙන් තම බෑනා බීමට ඇබ්බැහිවී කලබල ඇති කරගත් බවද පවසා ඇත. කෙසේ වෙතත් මරණය සිදුවූ දවසේ ඔහු බීමත්ව නොසිටි බවත් මධ්‍යම රාත‍්‍රියේ මිනීමැරුම සිදුකරන අවස්ථාව ගැන තමුන් දැන නොසිටි බවත් ඔවුන් පවසා ඇත.
නිවසින් පිටත ගිනි ගොඩක් තම දියණිය පුළුස්සා ඇති බව උදෑසන ඔවුන්ට දැකගන්නට ලැබී ඇත.
සිද්ධියෙන් පසුව නිවසින් පළායන්නට තැත්කර තිබුණ සැමියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහුව අද මහේස්ත‍්‍රාත් හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.