පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ කටයුතු කර තාජුඞීන්ගේ අස්ථි කොටස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැකයට
ලක්වූ
අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මාළඹේ සයිටම් ආයතනයේ උපකුලපතිවරයා ලෙස පත්කර ඇත.
වෛද්‍යවරයා තාජුඞීන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඉතා අපරික්ෂා කාරීව සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත පසුගිය 11 දා ලබා දී තිබූ වාර්තාවකින්ද තහවුරු කර තිබුණි.