නිවසේ ගෙට්ටුව ඉදිරිපිට
කාඩ්බෝඩ් ඇසුරුමක දරුවෙක්


යාපනය ඉලවාලි වඩලියඩප්පු ප‍්‍රදේශයේ කොවිලක් අසළ නිවසක ගේට්ටුව ඉදිරිපිට දින 20 ක් පමණ වයසැති කිරිකැටි බිළිඳෙකු කාඞ්බෝඞ් පෙට්ටියක දමා ගොස් තිබියදී ඊයේ උදෑසන හමුවී තිබේ.
හිත් පිත් නැති අයෙකු
මේ ආකාරයට
කුඩා බිළිඳෙකු මහමග දමා යාම දුටුවන් විමතියට පත්කරවූ සිද්ධියක් වූ අතර අදාළ නිවෙස් හිමියන් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව දරුවා රෝහල් ගත කරන්නට කටයුතු යොදා තිබුණා.
ඉලවාලි පොලීසිය දන්වා සිටියේ යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පරීක්ෂා කර කියා සිටියේ දරුවා යහපත් සෞඛ්‍ය තත්වයේ සිටින බවයි.
මොහු පිරිමි දරුවකු වූ අතර දරුවාගේ වයස දින 20 ක් පමණ වෙතැයිද රෝහල දන්වා ඇත. මේ වනවිට දරුවා යාපනය ළමා රෝහලට යොමු කර තිබෙන අතර මව්පියන් කවුරුන්දැයි සොයන්නට පොලිසිය පරීක්ෂණ සිදු කරයි.