සොයුරිය පැහැරගැනීමකට ලක්කර
පියාගෙන් ලක්ෂ 7ක් ඉල්ලූ
නිවසේ සිටින පුතා

තමන්ගේ සංගීත කණ්ඩායමක් තැනීමේ සිහිනයට පියාගෙන් ආධාර නොලැබෙන නිසා උපක‍්‍රමයක් ලෙස 14 හැවිරිදි නංගීව පැහැරගැනීමකට කැමති කරවාගත් 18 හැවිරිදි අයියා කෙනෙකු පියාගෙන් කප්පම් මුදල් ඉල්ලන්නට ගොස් හසුවීමේ පුවතක් ගම්පහින් වාර්තා වනවා.
ගම්පහ කෙහෙල්බද්දර පදිංචි චතුර මධුසංඛ පීරිස් නමැති මෙම සැකකරු සුපර් ස්ටාර්ස් තරගයක් නැරඹීමට ගොස් ඇතිවූ උන්මාදයක් නිසා ඉන් අනතුරුව සංගීත කණ්ඩායමක් සකස් කිරීමට අවශ්‍යවී
නිරන්තරයෙන්ම සිය පියාට එයට මුදල් දෙන ලෙස ඉල්ලා කරදර කර ඇත. එසේ බැරිවූ තැන සිය මවගෙන් රුපියල් ලක්ෂ 7 ක් ඉල්ලා සිටියත් මව එය නොදී සිටීම නිසා පසුව උපක‍්‍රමයක් කල්පණා කළ තරුණයා තම නැගණිය හා
සාකච්ඡාකර ඇයව ඇගේ මිතුරියකගේ නිවෙසක සඟවා තිබේ.
කටහඬ වෙනස්කර දියණිය
පැහැරගෙන ඇතැයි ද  බේරාගැනීම සඳහා ලක්ෂ 7 ක කප්පමක් දෙන ලෙසද නිවසේ පිළිකන්නේ සිට තම පියාගෙන්ම දුරකථනයෙන් නිර්නාමිකව ඇමතුමක් ලබාදී ඔහු ඉල්ලා ඇත.
මෙම නිර්නාමික දුරකථන ඇමතුම ලැබූ පියා දියණිය පැහැරගැනීම ගැන සලිතවී අසනීප වී ඇති අතර තම දියණිය අතුරුදන් බවට ගම්පහ පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.
මෙම පැමිණිල්ල දමන්නට යාමට කප්පම්කාර සොයුරාද සහභාගීවීම විශේෂත්වයකි.
රාත‍්‍රී කාලය උදාවන විට පියාට හෘදයාබාධ තත්වයක් මතුව තිබෙන අතර සොයුරාගේ කීමට මිතුරියකගේ නිවසට ගිය දියණියට පියා ගැන ලැබුණ ආරංචි නිසා අනුකම්පා ඇතිව තිබේ.
තම පියා අසනීප වූ බැවින් ගෙදර යන්න  ඕනෑ බව ඇය කියා එම මිතුරියගේ උදව්වෙන් වාහනයකින් නිවසට පැමිණ ඇත.
දියණිය පැමිණි පසු පරීක්ෂණ පැවැත්වූ පොලිසියට සිද්ධිය ගැන ඇතිවූ සැකකහිත තත්ව විමර්ශනය කිරීමේදී ඇය සඟවා තැබීම සොයුරාගේ කුමන්ත‍්‍රණයක් බව අනාවරණය කරගන්නට හැකිව තිබේ.
පරීක්ෂණවලින් පසු අයියා සහ නංගී දෙදෙනාම අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිසිය මගින් ගම්පහ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තබේ.
සිය නැගණිය පැහැරගෙන ගොස් සඟවා ඇය ආපසු ලබාදීමට නම් තම පියාගෙන් රු. ලක්ෂ 07 ක කප්පමක් ඉල්ලූ සැකකාර පුත‍්‍රයාට රු. 10,000ක මුදල් ඇපයක් නියම කළ ගම්පහ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය දෙදෙනාව රුපියල් ලක්ෂයක ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කර තිබුණා.