Aug07-9.45pm Update
කිමිකෝ පළමු වටයෙන් පරාජය වේ

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රියෝ ඔලිම්පික් තරගයේ 7 ඉරිදා 9.35ට පසුපස ආර පිහිනුම් මීටර 100 මූලික වටයට සහභාගීවූ කිමිකෝ රහීම්ස් එම තරගයේ 4 වැනි ස්ථානය දිනූ අතර ඇයට ඊළග වටයට යාමේ වරම අහිමි විය.
 Aug06 Update
ලංකාව වෙනුවෙන් පිහිණුම් ශූරී කිමිකෝ 
ඉරිදා මුලින්ම ඔලිම්පික් තරගයට

මෙවර රියෝ 2016 ඔලිම්පික් තරගාවලියේ තරග ආරම්භ කර 2 වන දිනය වන ඉරිදා (අගෝස්තු 7) ලංකාව වෙනුවෙන් පළමුවරට තරග වදින්නට පිවිසෙන්නේ පිහිණුම් ශූරිය කිමිකෝ රහීම්ය.
ඇය 7  වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.35 ට පැවැත්වෙන
කාන්තා මීටර 100 පසුපස ආර මූලික වටයේ තරගය සඳහා එක්වනු ඇත.

එම තරගයෙන් ඇය ජයගතහොත් සඳුදා පවත්වන අර්ධ අවසන් වටයට ඇය සුදුසුකම් ලබනු ඇත.
ආසියානු ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලැබූ ඇය කිලර් වේල් ඇක්වාටික් පිහිනුම් සමාජයේ ක්‍රීඩිකාවකි. පසුගිය සාෆ් ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරග ගණනාවක රන් පදක්කම් දිනූ ක්‍රීඩිකාවකි. ඇයගේ සොයුරියන් දෙදෙනාද ලංකාවේ සිටි ප්‍රකට පිහිනුම් ශූරියන්ය.
මෙවර ඔලිම්පික් තරගාවලියට පෙර ඇය තායිලන්තයේ වැඩිදුර පුහුණුව ලබාසිටී.
කිමිකෝ ගැන වීඩියෝ විස්තරයක් පහතින්