මහනුවර නාගරික වෙළෙඳ සංකීර්ණයේ රෙදි විකුණන සාප්පු හිමියන්ට විකිණීමට ගෙනා තිබුණ රෙදි අතර මියගිය එල්ටීටීඊ නායකයාගේ රුව සහිත ටීෂර්ට් කිහිපයක් හමුවී තිබේ. ඇතැම් ටීෂර්ට් කිහිපයක ඊළාම් සිතියමද තිබී ඇත.

මේවා විකිණීමට අකමැතිවූ වෙළෙඳසල් හිමියා මේ ගැන පොලිසියට පැමිණිලි කර තිබෙන අතර පසුව ඒවා සපයන ලද පුද්ගලයා පිළිබඳ පරීක්ෂණ පවත්වන්නට පොලිසිය පියවර ගෙන ඇත.
මේ ආකාරයේ මුද්‍රිත ටී ෂර්ට් විකිණීමට එවන ලද්දේ කවර අරමුණකින්ද යන්න පැහැදිලි නොවේ.