ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා මාතර පැවැති ආණ්ඩුවේ
වර්ෂ පූර්ණ මහ රැලියේදී මෙසේ ප‍්‍රකාශ කළේය.

‘ආණ්ඩුව පෙරළන්න අලූත් පක්ෂ හදනවලූ. හදල බලමු. එදාට අපි මෙතෙක් කල් නොකියපු දේවල් රහස් හැටියට තියාගත්තු දේවල් සියල්ල එළියට දමා ආණ්ඩු කරන්න නොවෙයි සදාකල් මහපාරෙ ඇවිදින්න අවශ්‍ය වටපිටාව හදා දෙනවා.
දූෂණයෙන් වංචාවෙන් ආණ්ඩු කරපු කට්ටියට ඇඟිල්ල දිගු කර ඔවුන්ට දඬුවම් කරනවා. යහපාලන සංකල්පය තුළ වැඩකරන මේ ආණ්ඩුව තුළත් වංචා දූෂණ කරන්නට කිසිවකුට ඉඩදෙන්නෑ. එපමණක් නොව එවැනි වැරැදි කරන අය මේ ආණ්ඩුවේ සිටියොත් ඊටත් වැඩි දඬුවම් ඒ අයට ලබාදී පිරිසුදු දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කරනවා.’