මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර තුනේ ස්ප‍්‍රින්ග්බෝර්ඞ් කිමිදුම් තරගයේදී රිදී පදක්කමක් දිනා ගත්

චීන කිමිදුම් ශූරි හේ සෙයි හට පදක්කම් පිරිනැමීමේ උත්සවයේදී සිත් අදහාගන්නට බැරි දෙයක් සිදුවුණා. ඒ ඇය හා වසර 6 ක් තිස්සේ පෙමින් වෙළුණ ක්වින් කායි නමැති පෙම්වතා රන් මුදුවක් ගෙන ඇය ඉදිරියට පැමිණ විවාහ යෝජනාවක් සිදු කිරීමයි.
එම අවස්ථාවේ උත්සවය වාර්තා කළ මාධ්‍යවේදීන්ද ඒ වෙත අවධානය යොමු කළ අතර වෙනත් පදක්කම් පිරිනැමීම් වලට එහා ගිය අමුතු උත්සවයක් බවට එය පත් කරමින් ලොව පුරා රූපවාහිනී තිරවල එම විවාහ යෝජනාව සජීවීව ප‍්‍රචාරය කෙරුණා.
විවාහ යෝජනාවට ඇය ප‍්‍රසිද්ධියේ කැමැත්ත පළකළ බවද පසුව වාර්තා විය.