ලබන නොවැම්බරයේ පවත්වන ඇමරිකාවේ ජනපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් අතර මේ වනවිට කරට කර සටනක් ඇරඹී ඇත.
ඉස්ලාම් විරෝධය ප‍්‍රධාන සටන් පාඨයක් කරගෙන මැතිවරණ ව්‍යාපාරය ගෙනයන ට‍්‍රම්ප් බිහිසුණු පාලකයෙකු විය හැකි බවත් හිට්ලර් මුසොලිනී වැනි පැසිස්ට් නායකයෙකු වියහැකි බව අනතුරු හඟවන ඇමරිකාවේ ප‍්‍රකට ව්‍යාපාරික කාන්තාවක වන මෙග් වයිට්මන් ඊයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ හිලරිට ඡන්දය දෙන ලෙසයි.
ලොව ප‍්‍රකට එච්පී පරිගණක උපාංග නිෂ්පාදන සමාගමේ ප්‍රධානියා වන ඇය ඇමරිකානු සමාජයේ බලපෑම්කාරී චරිතයක් ලෙසටද පිළිගැනීමට ලක්ව සිටින්නියකි.
ඇය කියා සිටින්නේ ඇමරිකාවේ අනාගතයට දැක්මක් ඇත්තේ හිලරි සතුව පමණක් බවයි. ඇය හිලරිගේ ඡන්ද ව්‍යාපාරයේ ප‍්‍රධාන දායිකාවක බවද කියැවුණා.
මේ වනවිට සිදු කර තිබෙන ජනමත විමසුම් වලින්ද හිලරි තරමක් ඉදිරියෙන් සිටී.