මෙවර ඔලිම්පික් තරගවලියේ ඉන්දියාවට ලැබුණ එකම පදක්කම කාන්තා රෙස්ලිං කිලෝ 58 බර පන්තියෙන් ලෝකඩ පදක්කමක් ලෙස දිනා දෙන්නට 23 හැවිරිදි සක්ෂි මලික් සමත්ව තිබෙනවා.
ඔලිම්පික් ඉතිහාසයේ ඉන්දියාව රෙස්ලිං සඳහා ලබාගත් 4 වන පදක්කම මෙය බව පැවසේ.
පියා බස් කොන්දොස්තරයෙකුවූ දුගී පවුලක ඉපිද ඔලිම්පික් පදක්කමක් ලබාගැනීම දක්වා ඇය ආ ගමන ගැන ඉන්දීය මාධ්‍ය ඉහළින් වාර්තා කර තිබේ.
මේ වනවිට ඇය උපන් හර්යාන ප‍්‍රාන්ත බලධාරීන් ඇයට ඉන්දීය රුපියල් කෝටි දෙකහමාරක ත්‍යාගයක් පිරිනැමීමටද සූදානම් කර ඇත.