විනිසුරු ආබෘගේ මරණය අතරේ 
දියණිය දැඩි සත්කාර ඒකකයට

පසුගිය සඳුදා උඩුමහලෙන් බිමට වැටීම නිසා මියගිය හිටපු විනිසුරු සරත් ආබෘ මහතාගේ දේහය ඔහු වාසය කළ නිවසේ තබා තිබෙන අතරේ ඔහුගේ දියණිය නාන කාමරයේ ඇද වැටීම නිසා බරපතල තුවාල ලබා ඊයේ රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති බව වාර්තා වුණා.
දිගු කලෙක සිට අපස්මාරය රෝගයෙන් පීඩා විඳින දිලිනි බුද්ධිකා
ආබෘ නමැති 28 හැවිරිදි ඇය සිය පියාගේ හදිසි අභාවයෙන් කම්පාවට පත්ව සිටි බව වාර්තා විය.

මියයන්නට ආසන්න අවස්ථාවේ හිටපු විනිසුරුවරයා ඇයට බැණවැදී කියා තිබුනේ තැපැල් පියුම්ගෙන් ලියුම් ගැනීමට තම අවසරය නැතිව ගිය එක වරදක් බවකි. ඉන් ටික වේලාවකට පසු ඔහු සඳලූතලයෙන් ඇද වැටී මිය ගියා.
ආබෘ මහතාගේ දියණිය අසනීපයෙන් පසුවන්නියක නිසා ඇය රැකබලාගන්නට හා ඉගැන්වීමට නේවාසික ගුරුවරියකගේ සේවය ලබාගනිමින් සිට තිබුණි.

අවමංගල්‍ය කටයුතු නිවසේ පැවැත්වෙන අතරේ ඇය හදිසියේ නානකාමරයේ ඇදවැටී තුවාල ලද පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කළ අතර ඇය එහි දැඩි සත්කාර ඒකකයටද ඇතුළත් කර දැනට ප‍්‍රතිකාර ලබමින් පසුවේ. ආබෘ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද 17 ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කරන්නට නියමිතය.
මේ අතර ආබෘ මහතාගේ මරණය කෙසේ සිදුවුණාද යන්න තවමත් අභිරහසක්ව පවතී. ඒ සම්බන්ධ විවෘත තීන්දුවක් ලබාදී තිබෙන අතර පරීක්ෂණ තවම අවසන් නැත.