ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි පසුගියදා වරානාසියේ පැවති රැළියකට සහභාගීවෙමින් සිටියදී හදිසියේ අසනීපවී රෝහල් ගත කර ඇත.
ඇය රැළිය අතරතුර සිහිසුන්ව ඇද වැටුණ බවද වාර්තා වුණා. ඇගේ තත්වය තවම අයහපත් බවද වාර්තාවේ.
මුලින්ම හමුදා රෝහලකටත් පසුව ගංගාරාම් රෝහලටත් ඇය යොමුකරන ලද බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
69 හැවිරිදි වියේ පසුවන සෝනියා මියගිය ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ බිරියයි.
මේ වනවිට කොන්ග්‍රස් පක්ෂයට නායකත්වය දෙන ඇය පසුගිය අගහරුවාදා විරෝධතා රැළියකට එක්වී සිටියදී ශරීරයේ අසමතුලිත තාවයක් නිසා ඇදවැටී තිබෙන අතර
එම අවස්ථාවේ ඇයට තුවාලද සිදුව ඇත. අනතුරුව හමුදා රෝහලට ගෙන ගියද ඇයට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු තවත් කාලයක් රෝහලේ සිටිය යුතු බව දැන්වීම නිසා ගංගාරාම් නමැති ප්‍රකට පුද්ගලික රෝහලට මාරුකර යවා ඇත.