දෙවන ටෙස්ට් තරගයේදී
ලංකාව හමුවේ දෙවන වරටත්
ඕස්ටේ‍්‍රලියාව පරාජය වේ



අවසන් වරට පසුගිය ජුනි මස ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙස සිටින  ඕස්ටේ‍්‍රලියාව පිට පිටම තරග දෙකකදි පරාජය කිරීමේ විශේෂ අවස්ථාව අද ගාලූ ක‍්‍රීඩා පිටියේදී
ශ‍්‍රී ලංකා කණ්ඩායම විසින් අත්පත් කරගත්තා.

එම ලැයිස්තුවේ ලංකාව සිටියේ 7 වැනියාටය.
අද තරගයේ ජයග‍්‍රහණයත් සමගින් වෝන් - මුරලි ටෙස්ට් කුසලානය තමන් යටතට ගැනිමටත් ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.
දෙවන ඉනිමේදී ලකුණු 412ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම 183 කට සීමා කිරීමට ශ‍්‍රී ලාංකික පන්දු යවන්නන් අද සමත් වුණා.
මෙම තරගයේ ඉනිම 2 දී කඩුළු 10 ක් ලබාගත් දිල්රුවන් පෙරේරා ඔහු සහභාගිවූ 11 වන තරගය වූ මෙහිදී අඩුම ටෙස්ට් තරග ගණනකදී කඩුළු 50 පසු කළ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයා ලෙස වාර්තාවක්ද තැබුවා.
ඔහුට පෙර අජන්ත මෙන්ඩිස් තරග 12 කින් කඩුළු 50 ලබා එම වාර්තාව දැරුවේය.
මෙම තරගයේදී කඩුළු ත‍්‍රිත්වයක් සහිතව සම්පූර්ණ කඩුළු 6 ක් ලැබූ රංගන හේරත්ද ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් එක් කළා.