සුලෙයිමාන් ඝාතන සැක 5 දෙනෙකු හඳුනාගැනේ
රටින් පිටවීම වළක්වන නියෝග
පැහැරගැනීමට ලක්ව ඝාතනයවූ බම්බලපිටිය මොහොමඞ් ශකිබ් සුලෙයිමාන්ගේ (29) ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයින් පස් දෙනකු සම්බන්ධයෙන් සැකකරන අතර ඔවුන් මේ වන විට උන් හිටි තැන් වලින් අතුරුදන්ව සිටින බව වාර්තාවේ.
මේ නිසා ඔවුන්
රටින් පැනයනු ඇතැයි පොලිසියට සැකයක් මතුවී ඇත.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය දන්වා සිටියේ පුද්ගලයන් පස් දෙනකු මේ සිද්ධීයේ වැදගත් තොරතුරු දන්නා බවට පොලිසියට විස්තර ලැබී ඇති බවකි.
එම තොරතුරු තවමත් පොලිසිය රහස් වශයෙන් තබාගෙන ඇත.