ඔලිම්පික් පදක්කම්ලාභිනී  සුසන්තිකා ජයසිංහ මහත්මිය  ජාත්‍යන්තර තරඟ සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරකට පත් කර තිබේ.
ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් ක‍්‍රීඩා අමාත්‍යංශයේදී ඇයට ජාත්‍යන්තර තරග සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා
පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුර ලබාදුන් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
පසුගිය ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ ප‍්‍රචාරණයේ ප‍්‍රබල චරිතයක්ව සිට පසුව නිහඬව සිටි සුසන්තිකා පසුගිය කාලයේ ඇගේ විවාහය සම්බන්ධ පුද්ගලික ගැටලූවකට මැදිවූ අතර සැමියා හෙළි කළ ඇතැම් කරුණු නිසා මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අවලාද වලටද ලක්ව තිබුණි.