ගල් ගැසීම වළක්වන්න 
ගිනි අවි සහිත ආරක්ෂකයින් දුම්රියට

පසුගියදා උතුරුමැද පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මරණයට හේතුවූයේ දුම්රියට ගල් ගැසීමේ සිද්ධියකි. ඒ සිදුවීමෙන් පසුව අදාළ ආරක්ෂක පියවර ගන්නට
දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව දුම්රියට ගිනි අවි සහිත ආරක්ෂකයින්ගේ සේවය දැන් යොදවා ඇත.
මෙහි මුල් පියවර ලෙස රාත‍්‍රී තැපැල් හා නගරාන්තර දුම්රියට පමණක් මෙම ආරක්ෂකයින් අනුයුක්ත කර ඇති අතර ඉදිරියේදී එය ව්‍යාප්ත කරන්නට බලාපොරොත්තු වේ.
මෙම අනුයුක්ත කිරීම සිදු කර දින දෙකක් තුළ ගල්ගැසීමේ සිද්ධි 7 ක් වාර්තාවී ඇති අතර එක් සිද්ධියකට මොරටුව ප‍්‍රදේශයේ ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගන්නටද හැකිව තිබේ. තවත් සිද්ධියකට කොල්ලුපිටිය වෙරළ තීරයේ තරුණ පිරිසක් හසුව තිබේ.